මියන්මාර විරුද්ධ පක්ෂ නායිකා අවුන්ග් සාන් සුකීගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය ඊයේ (08දා) පැවති මහ මැතිවරණයෙන් ජයග්රාහී මාවතට පිවිස තිබේ.
එම ලීගය අවධාරණය කරන්නේ ජයග්රහණය පිළිබඳව ඔවුන්ට මේ වනවිට ඉතා ඉහළ විශ්වාසයක් පවතින බවයි.
එම පක්ෂයේ ප්රකාශකයෙකු කියා සිටියේ ඔවුන්ට සමස්ත ආසන ප්රමාණයෙන් 70%ක් ජයග්රහණය කිරීමේ බලාපොරොත්තුවක් ඇති බවයි.
එමෙන්ම, පක්ෂ නායිකා සුකී ද, ජයග්රහණය සාමකාමීව සැමරීමට කටයුතු කරන ලෙසත්, සැබෑ ජයග්රාහකයා කවුරුන්ද යන්න පිළිබඳව ජනතාව දැනටමත් දන්නා බවත් පවසා සිටියාය.