අවුකන බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාවට අකුණු සන්නායකයක් සවි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මාධ්‍ය නිවේදන නිකුත් කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සඳහා පියවරක් නොගත් බව අවුකන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණයට 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පසුගියදා හෙළිදරව් කරමින් මාධ්‍ය මගින්ද බලධාරීන් දැනුවත් කළහ.
එදිනම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුදිනම විශේෂ කණ්ඩායමක් අවුකනට යවා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දුන් බවයි.
එහෙත් අවුකන රජමහා විහාරාධිපති හිමියන් නැවත වරක් මාධ්‍ය කැඳවා කියා සිටියේ බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දුරකථනයෙන් කතා කොට මෙහි අවදානම ඇමති අකිල විරාජ් මහතාට දැනුම් දුන් බව පැවසූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ බව පැවසූ අයෙකු පැමිණ තමන් වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ගිය බවය. ඉන් හැර මෙයට නිසි විසඳුමක් මෙතෙක් නොවුන බවත් බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කරදෙන ලෙස තමන් වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව පවසා
මෙහි පවතින අවදානම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු සියලු අමාත්‍යාංශ නිලධාරීන්, ඇමැතිවරුන් සඳහාත් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බවද උන්වහන්සේ පවසා සිටිති.