දින නවගමුව පොලිස් වසමේ කඩුවෙල වෙල හංදිය ප්‍රදේශයත්, කඩුවෙල බෝම්රිය මධ්‍ය මහා විද්‍යාලයත් අතර සල්ගහමුල ප්‍රදේශයේදි ලබුගම සිට කොළඹ දක්වා ජලය ප්‍රවාහන කරන ප්‍රධාන ජල මාර්ගයේ නලයක් පුපුරායාමක් හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල පරණ පාර මාර්ගය බාදනයට ලක්ව ගිලාබැස ඇති හෙයින් වාහන වලට ගමන් කිරිමට අපහසු වී ඇතැයි පොලීසිය කියයි.
ඒ හේතුවෙන් විකල්මප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය පවසයි.
කොළඹ සිට පරණ පාර ඔස්සේ හංවැල්ල දෙසට ගමන් කරන වාහන කඩුවෙල වෙලේ හංදියෙන් දකුණට හරවා කඩුවෙල හෝමාගම මාර්ගය ඔස්සේ වදුරම්මුල්ල හංදියට පැමිණ නැවත වමට හැරි සුමණතිස්ස මාවත ඔස්සේ නැවත කොළඹ හංවැල්ල ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවත්, අවිස්සාවේල්ල සිට පරණ පාර ඔස්සේ කොළඹට ගමන් කරන වාහනවලටද ඉහත මාර්ගයේම ගමන්කල හැකි බව පොලීසිය කියයි.