නිවසක් තුළ පවත්වාගෙන ගිය අවි ආයුධ නිෂ්පාදනාගාරයක් වටලා එහි ප්රධාන සැකකරු අවි ආයුධ තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සමග ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව අරණායක පොලීසිය පවසයිග
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අරණායක වත්තේගෙදර මැරහේන ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි සිවුදරු පියෙකි.
තම නිවසේම ඉතා රහසිගත ලෙසින් මෙම කර්මාන්තය පවත්වාගෙන ගොස් තිබූ අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අවි නිෂ්පාදනයට යොදා ගන්නා කොටස් සහ උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය වැඩි දුරටත් පවසයි.

අරණායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර