යාපනයේ ආවා කල්ලියේ දෙදෙනෙක් STF අත්අඩංගුවටයාපනයේ ක්‍රියාත්මක ආවා නැමැති කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පේදුරුතුඩුව නිර්වේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජංගම සංචාරයකදී සිදුකළ හදිසි මාර්ග බාධක රාජකාරියදී සැක සහිත ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සන්තකයේ තිබූ තියුණු ආයුධයක්ද විශේෂ බළකා බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ජංගම දුරකථන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයන් තියුණු ආයුධ අතැතිව සිටියදී ගත් ඡායාරූප ද හමුවී තිබේ.