ජාතික ගමනාගමන අධිකාරියේ අවසරපත් නොමැතිව උතුරු ප්‍රදේශයේ බස්රථ 90 ක් පමණ ධාවනය කරන බවට තමන්ට තොරතුරු අනාවරණය වී ඇතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (24දා) වව්නියාවේ ලංගම ඩිපෝව හා වව්නියාව දුම්රිය ස්ථානයේ පාලන කටයුතු හා ඉදිකෙරෙන වව්නියාව නව බස්නැවතුම්පළේ කටයුතු පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
"අපේ ගමනාගමන අධිකාරියේ අවසරයක් නැතුව බස් රථ 90 ක් පමණ මේ පාරවල් වල දුවනවා. ඒක සම්පූරණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් ඒ නිසා ඒක වහාම නවත්වන්න කියලා මම අද පොලීසියට උපදෙස් දුන්නා. මම බලාපොරොත්තු වෙනවා මේ අවසර නොමැතිව ධාවනය වන බස් රථවලට නියම කරන දඩය රුපියල් දසදහසේ සිට ලක්ෂය දක්වා වැඩි කිරීමට" යැයි අමාත්‍යවරයා පැවැසීය.