අවසර නැති ඩ්‍රෝන කැමරාවක් අල්ලයි
(UPDATE) අවසරයක් නොමැතිව ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට වීඩියේ ශිල්පියා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂන රත්නායක මහතා අද (15දා) සවස නියෝග කළේය.ඇපමත මුදාහැරි සැකකාර වීඩියෝ ශිල්පියාට මේ මස 23 ෙදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය
පොලීසියේ නිසි අවසරයක් නොමැතිව භාවිත කළ ඩ්‍රෝන කැමරාවක් හා එය හැසුරවූ පුද්ගලයා අනුරාධපුරයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. රුවන්වැලිසෑයේ පැවැති කප්රුක් පූජාවක් ආවරණය කිරීම සඳහා භාවිත කළ ඩ්‍රෝන කැමරාවක් මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙයි.
පෞද්ගලික රූපවාහිනී සේවයක වීඩියෝ ශිල්පියෙකු සතු ඩ්‍රෝන කැමරාවක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. එම ඩ්‍රෝන කැමරාව රුවන්වැලි සෑයේ ගැටී බිමට වැටී ඇති බව පොලීසිය කියයි. ඩ්‍රෝන කැමරාව භාවිත කිරිම සඳහා පොලීසියේ අවසරයක්ද ගෙන නොමැති බව පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

