නිදාගෙන සිටිමින් ජනවාරි 08 වැනිදා ජයග්‍රහණයේ ඵල නෙළාගැනීමට නොහැකි බැවින් අවදියෙන් සිටිය යුතුම කාලය දැන් උදාවී ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (23දා) සවස පැවැති සිවුර සහ සුළං කෘතිය එළිදැක්වීමේදීය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළේ, දැන් උදාවී ඇති විකෘති දේශපාලන තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී යම් යම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී සඳහන් කළේ භික්ෂුව හුදෙකලා කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙන බවයි.
එහෙත් අධ්‍යාත්මික ශක්තිය මුසු වූ භික්ෂු දේශපාලනයක් අද රටට අවශ්‍ය වී ඇතැයි උන්වහන්සේ අවධාරණය කළහ.
පවිත්‍රා රූපසිංහ මහත්මිය විසින් රචනා කරන ලද ‘සිවුර සහ සුළඟ’ කෘතිය ආරාධිතයන් වෙත පිළිගන්වන ලදී.