යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනිම සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණයෙන් අද (20දා) අවසර ඉල්ලා සිටියේය.
මෝසමක් මගින් මෙම අවසරය ඉල්ලා සිටි අතර එය එළැඹෙන 22දා සලකා බැලිමට අධිකරණය තීරණය කළේය. යෝෂිත රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනම් කරමින් කඩුවෙළ මහසේත්‍රාත් අධිකරණය වාරණයක් පනවා තිබේ.
උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුව කල්යයි
අලි පැටවෙකු අනවසරයෙන් ළග තබා ගැනිමට එරෙහිව උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවතින නඩුව නැවතත් එළැඹෙන වසරේ ජනවාරි මස 17 දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා නියෝග අද (20දා) කළේය.
සුදර්මන් රඳළියගොඩ නිදහස්
පසුගිය ජනපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරුන් ස්වාධීන රූපවාහිනී සේවය හරහා දැන්වීමක් ප්‍රචාරය කළැයි කියන සිදුවීමට අදාළව පවතින නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) නියෝග කළේය. සුදර්මන් රඳලියගොඩ මහතා ඇතුළු 11 දෙනෙකු නිදහස් කරන ලෙස නීතිපති ලබාදුන් උපදෙස් අනුව ඔවුහු මෙසේ නිදහස් කරනු ලැබූහ.
ඇවන්ට්ගාඩ් සභාපතිට ඇප දෙන්න එපාලු
රුපියල් ලක්ෂ 355ක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්අංගුවට ගත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට හා විශ්‍රාමික මේජර් ජනරාල් පාලිති ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමෙන් වළකින ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (20දා) කොළඹ මහාධිකරණයෙන් ප්රතිශෝධන පෙත්සමක් මගින් ඉල්ලා සිටියේය. ඔවුන්ට තොනීසි නිකුත් කරන ලෙසත්, ඔක්තොබර් 17 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙසත් වහඋත්තතරකරුවන්ට මහාධිකරණ විනිසුරු එම්.සී.ඩී.එස්. මොරායස් මහතා නියෝග කළේය.