වවුනියාව, මුලතිව්, මන්නාරම ඡන්ද බලප්‍රදේශවල අවතැන් වූ ඡන්දදායකයන් 9,537 දෙනෙක් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 17 කුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 02 කුත් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
මන්නාරම ඡන්ද බල ප්‍රදේශයේ 8,781 කුත්, මුලතිව් ඡන්ද බලප්‍ර‘දේශයේ 209 දෙනෙකුත් වවුනියාව ඡන්ද බලප්‍ර‘දේශයේ ඡන්දදායකයින් 547 දෙනෙකුත් මෙම දිස්ත්‍රික්ක දෙක තුළ ජීවත්වන බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔවුන්ට ඡන්දය ලබාදීම පහසුකිරීම සඳහා මෙම මධ්‍යස්ථාන පිහිටුවන බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය.