අවතැන් කඳවුරුවල සිටින දරු ප්‍රසූතියට ආසන්න දින ලබාදී තිබෙන සියලුම ගැබිනි මවුවරුන් ළඟම රෝහලට ඇතුළත් වන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
යම් අවතැන් කඳවුරුවලට ගමන් කිරීම දුෂ්කර වී තිබෙන බවත්, මේ නිසා කල් ඇතිව රෝහල්වලට ඇතුළත්වීම තුළින් සිදුවන අපහසුතා මගහරවාගත හැකි බවද ඔහු පවසා සිටියේය.
සියලුම අවතැන් කඳවුරු ආවරණය මන පරිදි විධිමත් අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, හදිසි ඕනෑම අවස්ථාවකදී භාවිත කිරීම සඳහා ගිලන් රථ සූදානම් කර තිබෙන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.