ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස ඇතිකරමින් ජාත්‍යන්තර සහයෝගය මත ලෝකයේ විශිෂ්ඨ රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා දේශපාලඥයින් මෙන්ම රාජ්‍ය සේවකයන් අවංකව කටයුතු කරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
69 වැනි නිදහස් උත්සවයේදී ජාතිය අමතමින් ඔහු මේ බව පැවැසීය. ජාත්‍යන්තරයේ හොඳ හිත දිනාගනිමින් විශිෂ්ඨ රාජ්‍යයක් ගොඩ නැංවීම සඳහා වගකීම් හා යුතුකම් ඉටුකිරීමට අධිෂ්ඨානශීලිව කටයුතු කරන්නැයිද ජනපතිවරයා පැවැසීය.