කොළඹ 06, මාර්ගයේ පොල්ගහවෙල - අලව්ව අතර පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන මස 02 වැනිදා තෙක් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව ශ්රී ලංකා පොලීසිය දන්වයි.
ඒ අනුව අද (26දා) සිටඑළඹෙන 01 වැනිදාදක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.30 දක්වා මාර්ගය අර්ධ වශයෙන් වසා තබන බව පොලිසීය නිවේදනය කරයි.
ඔක්තෝබර් 01 වැනිදා පස්වරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන්ද, ඔක්තෝබර් 02 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා යළි අර්ධ වශයෙන්ද මාර්ගයේ ගමනාගමනය සීමාකිරීමට සිදුවන බව පොලීසිය නිවේදනය කර ඇත.
මෙම දිනවලදී ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.