අලුත්ගම ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා අද (15දා) හවස 6.30 සිට නැවත දැනුම්දෙන තුරු අලුත්ගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය යෙදවීමට සිදුවූයේ ප්‍රදේශය තුළ කලහකාරී තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා සිටියේය.