සංවාදයට ලක් වී ඇති කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතෙහි ඉදිකරන හෝටල් සංකීර්ණයෙහි කැසිනෝ ක්‍රීඩා සඳහා අවසර අවසර දීමක් සිදු නොවන බවට තමා තහවුරු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසීය.
"අලුත් හෝටලයේ කැසිනෝ නැහැ. අනෙක් හෝටල්වලට දීලා තියන අවස්ථාවන් තමයි මේ හෝටල් වලටත් දීලා තිබෙන්නේ. මේ කේ කැසිනෝ නැහැ. නිවුස් නැති අය එතනට ගිහින් කෑ ගහනවා. ඇත්ත කතාව නම් මෙහි කැසිනෝ නැත කියන එකයි. අනික කැසිනෝ ගෙනාවේ අපි නෙවෙයි. ඉස්සර ඉඳලම කැසිනෝ තිබුණා. ඒවා අමතක කරන්න එපා..." ජනාධිපතිවරයා පැවසීය.