සෑම වසරකම මහවැලි සී කලාපයේ කුඹුරු අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව බුදුන් පිදීමේ අලුත් සහල් මංගල්‍ය මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා විසින් පාත්‍රය තුලට සහල් එකතු කරමින් අලුත් සහල් මංගල්‍යය චාරිත්‍ර ඉටු කළේය.