ක්‍රීඩා අමාත්‍යංශයේ නව අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා අද (07දා) උදෑසන එම අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය. එම අවස්ථාවට හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාද සහභාගී විය.
මෙහිදී දිසානායක මහතා ජයසේකර මහතාට සිය විෂයේ කටයුතු හොඳින් කරගෙන යාමට හැකියාව පවතින බව පවසා සිටි අතර, ඔහුගේ අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාමට සුබ පැතීමටද අමතක නොකළේය.
මෙම වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු පත්කරගත් දින 100 ආණ්ඩුවේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතා කටයුතු කළේය. කෙසේ නමුත් ඉකුත්දා පැවැති මහ මැතිවරණයෙන් පසු දිසානායක මහතාට හිමිවූයේ වැවිලි කර්මාන්න අමාත්‍ය ධුරයයි.