අලුත් ආණ්ඩුව සමග රටේ විශාල පරිවර්තනයක් කිරීමටතමන් සූදානමින් සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කිලිනොචිචි දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 267 ක මුදලකින් ඉදිකළ නව සතොස විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28දා)එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“ගෙවීගිය මාස හයේ මේ රටේ වෙනස්කම් රාශියක් මම කළා.රටේ සෑම කෙනෙකුටම බියක්, සැකයක්, අවිශ්වාසයක්නැතිව ජිවත්වෙන්න පුළුවන් පරිසරයක් හැදුවා.
අපි ආණ්ඩුවක් විදියට වැඩ කරන්න පටන්ගත්තා විතරයි.මාස හයක් කියන්නෙ කෙටි කාලයක්.ඒවගේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත්වෙන අලුත් ආණ්ඩුව සමග මම රටේ විශාල පරිවර්තනයක්, වෙනස්කම් රාශියක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
පරිප්පු ගේන්නේ පිටරටින් කියලා හුඟ දෙනෙක් දන්නෙනැහැ.පරිප්පු හැම දෙනෙකුටම ඕන ආහාරයක්.පිටරටින් ගේන ඒවායින් වැඩිපුරම කන්නේ පරිප්පු.දැන් මේසතොසෙත් මුංඇට තිබෙනවා.මුංඇට පිටරටින් ගෙනාවා කියලා තමයි මම විශ්වාස කරන්නේ.ඒ වගේම කවුපි තිබෙනවා. මේ කවුපි පිටරටින් ගේන ඒවා.අපට අවශ්‍ය මිරිස්වලින් 75% ක් ගේන්නේ පිටරටින්. රටේ ආර්ථිකය ශක්තිමත් කියන්නේ තමන කන බොන දේවල් සියල්ල රටේ නිෂ්පාදනය කරන්න ඕනේ.
ගිය අවුරුද්දේ විතරක් රුපියල් කෝටි 6000කට වැඩියෙන් ආහාර පිටරටින් ගෙන්වලා තිබෙනවා.ඒ නිසා ඉදිරි අවුරුදු තුනක කාලය තුළ මම බලාපොරොත්තු වෙනවා පිටරටින් ගේන ආහාර අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්ක්රමයක් ඇති කරන්න.
උතුර දකුණ කියලා වෙන්වෙන්න පුළුවන්කමක් නෑ.ඒ උතුර,දකුණ,නැගෙනහිර,බටහිර කියන දේවල් තිබෙන්නේ සිතියම්වල විතරයි. මේවා කිසිම ආකාරයකින් දිස්ත්‍රික් හෝ මායිම්වලින් වෙන් කරන්න කිසිම අයිතියක් නෑ. රටේ සෑම කෙනෙකුටම එකවගේ නිදහස තිබෙන්න ඕනේ.” යනුවෙන්ද ජනාධිපතිවරයා කියා සිටියේය.