ගොකරැල්ල, මැදගම්පොල දේවාල භූමියයේදී පුද්ගලයෙකු විසින් මාස දහයක බිලිඳකු රැගෙන අලියෙකුගේ බඩ යටින් යාමට උත්සාහ කිරීමේදී දරුවා සහ මෙම තැනැත්තා වැටීම හේතුවෙන් අලියාට පෑගී තුවාල ලැබූ බිලිඳා ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මැදගම්පොල, ගොකරැල්ල පදිංචි බී. ආධිත්‍ය වයස මාස 10 ක් වූ බිලිඳෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු 44 ක් වූ තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බිලිඳාගේ මවද එම ස්ථානයේ සිට ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා පවුලේ ඥාතියෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.