අලි පැටවුන් ලියාපදිංචි කිරීම යටතේ 2009 වසරින් පසු ලියාපදිංචි කළ අලි පැටවුන් හතර දෙනෙකු වනාන්තරවලින් අල්ලා ගත් අලි පැටවුන් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විගණන විමසීමේදී හෙළිවී තිබේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව හීලෑ අලි ඇතුන්ගේ ගැබ් සහ උපත් තොරතුරු වනජීවී අධ්යක්ෂවරයාට වාර්තා විය යුතු වුවත් 2009 වසරින් පසු එවැනි තොරතුරු වාර්තාවී නොමැති බවද එම විමසුම මගින් පෙන්වාදී ඇත.
එහෙත් නීතිය යටතට පත්නොවීමට 2008 වසරට පෙර ගෘහස්ථ අලි ඇතුන්ට ලැබුණු බව සඳහන් කරමින් අලි පැටවුන් ලියාපදිංචි කර තිබෙන බවත්, එලෙස ලියාපදිංචි කළ අලි පැටවුන් හතරදෙනෙක් වනාන්තරවලින් අල්ලාගත් අලි පැටවුන් බවටද විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්ථිරවම හෙළිකරගෙන තිබේ.