අලි මිනිස් ගැටුමට විසඳුම් - ඇමති ගාමිණී
අලින් සහ මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීම් ඇතිවන සේ ස්වභාවධර්මය උපයෝගී කරගනිමින් අලි - මිනිස් ගැටුම්වලට කඩිනමින් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත්, විදුලි වැට පමණක් මෙයට විසඳුම නොවන බවත් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (07දා) බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදීනව අමාත්‍යාංශයේ වැඩබාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මම විනය, නීතිය දැඩිවම ක්‍රියාත්මක කරනවා. නීතිය කාටත් එක සේ සලකන්න කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදීත්, ඊයේ සිරිකොත මන්දිරයේදීත් කිව්වා. නීතිය කාටත් පොදුව ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා.මම වසර 05කට කලින් පාර්ලිමේන්තුවේදී කිව්වා දෙහි ගස් තියෙන තැන්වලින් අලි ගමන් කරන්නේ නෑ කියලා. නමුත් ඒවා පසුගිය රජය ක්‍රියාත්මක කළේ නෑ. අලි මිනිස් ගැටුමට විදුලි වැටවල් ඉදිකිරීමෙන් විතරක් වැඩක් වෙන්නෙ නෑ. අපි අලි - මිනිස්සු එක්ක ආදරයෙන් කටයුතු කරන්න, සත්තු වගේම මිනිස්සුන්ටත් එක සේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා"යනුවෙන්ද අමාත්‍යවරයා පවසා සිටියේය.
පවිත්‍රා මුතුමාලි / ඡායා - ඒශාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
