ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් හා හරිත මූල්‍ය පරිසරයක් සැකසීම සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි අධ්යක්ෂ එරික් සොල්හයිම් මහතා අතර සාකච්ඡාවක් ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී පවත්වා තිබේ.
යළි වන වගා කිරීම පිළිබඳව හා අලි ඇතුන්, තල්මසුන් සහ ඩොල්ෆින් සංරක්ෂණය පිළිබඳව ද මෙහිදි අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.