නුගවෙල ආදර්ශ ප්රාථමික විදුහලේ පළමු වසරට දරුවෙකු ඇතුලත් කිරීම ස`දහා දෙමාපියන්ගෙන් රුපියල් 35000 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 15000ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව කියන එම පාසලේ සහකාර විදුහල්පතිවරයා ලබන 26 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ගිහාන් පිළපිටිය මහතා අද (19දා) නියම කළේය.
දරුවාගේ දෙමාපියන් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද වැටලීමකදී අල්ලස් ගනිද්දීම සැකකරු අල්ලා ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.