අල්ලස් ගත් රජයේ සේවකයන් තිදෙනෙකුට නඩු
අල්ලස් වශයෙන් මුදල් ලබාගත් බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුට සහ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (23දා) දින නඩු පැවරූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුකුලේගඟ අඩවි වන නිලධාරී ලෙස කටයුතු කළ ගම්පොළ ප්‍ර‘දේශයේ පදිංචිකරුවෙකු සහ වන ක්ෂේත්‍ර සහකාර නිලධාරියෙකු ලෙස රාජකාරි කළ මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 2014 වසරේ පෙබරවාරි 14 වැනිදා රුපියල් 15000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී හා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කළ දැරණියගල ප්‍රාදේශයේ පදිංචි අයෙකු නඩු ගොනුවක් සොයා දීම සඳහා 2015.2.24 දින රුපියල් 3000 ක් අල්ලස් ලෙස ලබාගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

