අකුරණ අල් අසාර් ජාතික පාසලේ හයවන වසර සඳහා සිසුවෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් 7500.00 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියන් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය හා ගුරුවරුන් දෙදෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා අලවතුගොඩ පොලීසියට බාරදී තිබේ.
මෙම විදුහලේ හයවන වසර පන්ති සඳහා ඇතුළත් වන සෑම ළමයකුගෙන්ම රුපියල් 7500.00 බැගින් ලබාගැනීමට විදුහල් බලධාරීන් ක්‍රියාකර තිබෙන අතර ඒ සම්බන්ධව දෙමවුපියන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇත.