පොලිස් අධිකාරීවරයාගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගත් බව පැවසෙන ඇඹිලිපිටිය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද (13දා) දහවල් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උපපොලිස් පරීක්ෂකවරයෙකි.
ඇඹිලිපිටිය නගරයේ වාණිජ බැංකුවකට සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ විදුලිබිල රැගෙන පැමිණ එය ගෙවීමට අවශ්‍ය මුදල ව්‍යාපාරිකයාගෙන් ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ ජේ. නානායක්කාර