දැනට අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් එම තනතුරින් මාරු කරන බවත්, සෙසු නිලධාරීන්ගේ වැඩ පිළිබඳව අවධානයෙන් සිටින බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
"කොහොමත් අල්ලස් කොමිසම වෙනස් කළ යුතුයි හා බලවත් විය යුතුයි. දැන් බලය තියෙන්නේ හොයන්න විතරයි. ෆයිල් එක අනුමැතිය සඳහා ජනපතිට දුන්නාම එතනින් ඉවරයි. එය වෙනස්කරලා කොමිසම බලවත් කරනවා." යැයි හෙතෙම පැවැසීය.