අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරේ වර්තමානයේ කටයුතු කරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට පමණක් පෞද්ගලික වන සේ ඇයගේ වැටුප් වැඩිකිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
මෙම තනතුරට පත්වීමට මත්තෙන් ඇය අතිරේක සොලිස්ටර් ජනරාල් තනතුරේ රාජකාරී කළ අතර එම තනතුරට හිමි මාසික වැටුප හා දීමනා ( දුකතන, ඉන්ධන හා නිවාස කුලී දීමනාව හැර) හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ධූරයට හිමි අමාත්‍යාංශ ලේකම් දීමනාව, දුරකතන දීමනාව, ඉන්ධන දීමනාව, රජයේ නිල නිවාසයක් ලබා දී නොමැතිනම් නිවාස කුලී දීමනාව ලබාදීමට මෙහිදී පියවර ගැනිමට නියමිතය.
ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබෙන අතර ඇයගේ වැය බර රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබාදිමට නියමිතය. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබේ.