විශේෂ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරොද්රාද්සෙයිද් අල් හුසේන් කුමරු හෙට (06දා) යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකා භූමියෙන් පුද්ගල නාශක බිම් බෝම්බ ඉවත් කිරීමට සිදුකරන වැඩසටහන් හා ක්‍රමවේද නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අතර අද (05) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් පිළිබඳ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා හමු වූ අල් හුසේන් කුමරු ඔහු සමග විශේෂ සාකච්ඡාවකද නිරත විය.
එහිදී බිම් බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර 2020 වසරේදී බිම බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් ඇති කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර දැනුම ලබා ගැනීම පිළිබඳව අමාත්‍යවරයා හා විශේෂ නියෝජිතවරයා අතර සාකච්ඡාවට ලක්වී තිබේ.