අල්-කයිඩා ත්‍රස්ත නායකයා විසින් ඉන්දියාව තුළ අල්-කයිඩා ශාඛාවක් පිහිටුවීමේ සැලැස්මක් සම්බන්ධයෙන් පැවසීම මායාවක් පමණක් බවත්, ඉන්දියානු මුස්ලිම් ජනතාව අල්-කයිඩාවේ පදයට නටන පිරිසක් නොවන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉන්දීය මුස්ලිම්වරු ජීවත් වන්නේ ඉන්දියාව වෙනුවෙන්, ඔවුන් මැරෙන්නෙත් ඉන්දියාව වෙනුවෙන් සී.එන්.එන්. රූපවාහිනිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෝදි මෙසේ අදහස් දක්වා ඇත.
මෙම මස මුලදී අල්-කයිඩා නායක අයිමන් අල්-ස්වාහරි පවසා සිටියේ ඔවුන් සිය ජිහාඩ් දජය ඉන්දියාව තුළ ඔසවන බවයි.
මෙම ප්‍රකාශයෙන් පසුව ඉන්දියාව තම ප්‍රාන්ත රැසක ආරක්ෂාව තර කළ අතර, අවදානම් සිමාවන්ද ඔසවා තැබීය.
කෙසේ වෙතත්, මේ වනවිට ඉන්දියාවේ අල්-කයිඩා සෘජු ක්‍රියාත්මක වීමත් නොවුණත්, ඔවුන් සිය ජිහාඩ් සටන්පාඨ හරහා ඉන්දියාවේ මුස්ලිම් තරුණයන් අල්-කයිඩාව වෙත නැඹුරු කරවීමේ ප්රයත්නයක නිරතව සිටින බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.