අල් කයිඩා සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ පිහිටු වන බව එම ත්රස්ත සංවිධානයේ වත්මන් නායක අයිමන් අල් ස්වාහරි නිවේදනය කිරීමත් සමග ඉන්දීය රජය එරට ප්රාන්ත කිහිපයක ආරක්ෂාව තර කර ඇති බව පැවසෙයි.
දකුණු ආසියාව තුළ ජිහාඩ් ධජය එසැවීම සඳහා තම සංවිධානයේ ඉන්දීය ශාඛාවක් පිහිටුවන බව අල් කයිඩා නායකයා පවසා ඇත්තේ වීඩියෝ පටයක නිවේදනයක් නිකුත් කරමිනි.
මේ වනවිට අල් කයිඩා සංවිධානය ඉන්දියාව තුළ ක්රියාකාරී මට්ටමින් නොපැවතියත්, එරට ඇතැම් මුස්ලිම් තරුණ කොටස් වෙත ළඟා වීමට ඔවුන් උත්සාහ දැරිය හැකි බව දිල්ලි නුවර බී.බී.සී. වාර්තාකරු පවසා තිබේ.
මේ වනවිටත් ඉන්දියාවේ කාශ්මීරය සහ ගුජරාට් වැනි ප්රාන්තවල දැනටමත් යම් යම් ආගමික ගැටුම් පැවතීම තුළ, අල් කයිඩා නායකයාගේ මෙම නිවේදනයට ඔවුන් ආකර්ෂණය විය හැකි බැවින් එය ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක් වී ඇති බව පැවසෙයි.