අර්තාපල් හා ලොකු ළුෑණු නිෂ්පාදනයේ නිරතවන දේශීය ගොවියාට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහතික කිරීම පිණිස අර්තාපල් හා ලොකුළුණු ආනයනයේදී දැනට අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2014 අගෝස්තු 23 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.
ඒ අනුව, ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා රු.15/- ක්ව පැවති බද්ද රු.40/- දක්වාද, ආනයනික ලොකු ළුෑණු කිලෝ ග්‍රෑමයකට රු.25/- ක්ව පැවති බද්ද රු.35/- දක්වාද ඉහළ දමා ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.