හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටින බව ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරු ශාඛාව රහස් පොලීසිය වෙත දන්වා ඇති බව නීතිපති දෙපාර්තමේනතුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් මහේනද්‍රන් මහතාට එරෙහිව නඩු පවරා ඇති අතර ඒ අනුව ඔහු අධිකරණයේ පෙනී සිටිය යුතු වුවද එය මගහැර සිංගප්පූරුවේ සැඟව සිටින බවට තොරතුරු වාර්තා විය.