මහරගම පිළිකා රෝහලෙහි සවි කළ පෙට් ස්කෑනරය භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය ‘අයිසොනෝබ්’ නමැති ඩයි වර්ගය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම ඩයි වර්ගය ඉන්දියාවේ නිපදවන නමුත් ඒවා මෙරටට ගෙන ඒමේදී ප්‍රවාහනය කෙරෙන කාලය තුළ ගෙන එන ප්‍රමාණයෙන් 80%ක් විනාශ වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් එය ආනයනය කිරීමේ ගැටලු පවතින නිසා මෙරටදීම අදාළ ඩයි වර්ගය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.