අයහපත් කාලගුණ තත්ත්වය සාමාන්‍ය වෙයි
පැවැති අඩුපීඩන තත්ත්වය අරාබි මුහුද දෙසට ගමන් කරමින් තිබෙන නිසා මෙතෙක් ඇතිවී තිබූ අයහපත් කාලගුණ තත්ත්වය අද (15දා) සිට සාමාන්‍ය තත්ත්වයක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් අද දිනය තුළදීත් නැගෙනහිර, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ හා උතුරු මැද පළාත්වල සමහර ස්ථානවලට වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වැසි ඇතිවුවද තද වැසි හා තද සුළං ඇතිවිය නොහැකි බවට අනුමාන කරන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.
එහෙත් ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ ක්ෂණිකව ඉහළ යා හැකි බවද පවසා සිටියේය.
පීඩන අවපාතය ගැඹුරු මුහුදේ පවතින නිසා පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වූ ගැඹුරු මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


