පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 18ක පවුල් 170,532කට අයත් පුද්ගලයන් 676,353ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම පිරිසෙන් දිස්ත්‍රික්ක 07කට අයත් පවුල් 4065කට අයත් පුද්ගලයන් 12,575ක් පීඩාවට පත්ව සිටින්නේ ඇති වූ වර්ෂා තත්ත්වය හා දැඩි සුළං නිසා සිදුවූ ජල ගැලීම නිසාය.
ජල ගැලීම නිසා පුද්ගල මරණ 04ක් සිදුව තිබෙන අතර, නිවාස 86ක්ද විනාශයට පත්ව තිබේ. දියේ ගිලී මියයෑම් 02ක් වාර්තා වී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර, යාපය දිස්ත්‍රික්කයට ඇතිවූ තද සුළං හේතුවෙන් එක් පුද්ගලයෙකුත්, ඇති වූ ජල ගැලීම නිසා රත්නපුර ප්‍ර‘දේශයේ එක් පුද්ගලයෙකුත් මියගොස් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ජලගැලීම ඇතිවී තිබෙනා ත්‍රිකුණාමලය, රත්නපුර දිස්ත්‍රික්කද ඇතුළුව දිස්ත්‍රික්ක 12කට ඇතිවී තිබෙනා වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් 166,467කට අයත් පුද්ගලයින් 663,778 ක් පීඩාවට පත්ව ඇත. මෙහිදී නියඟය නිසා පවුල් 12,815කට අයත් පුද්ගලයින් 44285ක් පීඩාවට පත්ව සිටිනා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 09 දෙනෙකු ජල ගැලීම් නිසා පීඩාවට පත්ව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන්කර ඇත.
මීට අමතරව පවුල් 6740කට අයත් පුද්ගලයින් 25,050ක් නියඟය නිසා පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 5කට අයත් පුද්ගලයින් 12 දෙනෙකු ජල ගැනීම් නිසා පීඩාවට පත්ව තිබේ.ජල ගැලීම නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 3322කට අයත් පුද්ගලයින් 12195ක් පීඩාවට පත්ව සිටියි.
වියළි කාලගුණය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 29,966කට අයත් පුද්ගලයින් 105,698ක් පීඩාවට පත්ව තිබේ.