පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ පසු ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරුන් ජනාධිපති නිල නිවසට කැඳවා තිබෙන බව වාර්තා වෙයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අයවැය ලේඛනයට ඇතුළත්වී තිබෙන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වේ.