අයවැයට විරුද්ධව ඡන්දය දුන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට එක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අද (30දා) පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණ බවයි.
එහෙත් පුද්ගලික වුවමනා වෙනුවෙන් වරදාන වරප්‍රසාද වලට යටත් විය හැකි කිහිපදෙනෙකු අනෙකුත් දිස්ත්‍රික්කවල සිටිය හැකි බවද ඔහු පැවසීය.