2016 අයවැයෙන් වාහන සඳහා අයකරන බදු වලදී අයවැයට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කළ පුද්ගලයන්ට එම බදු බල නොපානු ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
අද (23දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඇමතිවරයා වැඩිදුරටත් පැවැසුවේ අද (23දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.