මෙවර (2016) අයවැය තෙවැනි වර කියවිමේ ඡන්ද විමසීම හෙට(19) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 14 වන දිනය වන අද(18) දිනයේ විශේෂ කාරක සභා විවාදය පැවැත්වේ. මේයටතේ අමාත්‍යංශ කිහිපයත් එකවර සාකච්ඡාකෙරේ. අයවැය විවාදය හෙටින් අවසන් වන අතර ඡන්ද විමසීම හෙට පස්වරු 05.00 ට සිදු කිරිමට නියමිතය. සංශෝධන ඉදිරිපත්කිරීම හේතුවෙන් ඇතිවු අයවැය හිඟය පියවිම සඳහා වන නව යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.