ජාතික ලැයිස්තුවෙන් තෝරාපත්කළ එ.ජ.නි.ස මන්ත්රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද (28දා)සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්විය.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට බාරදුන්නේය.
නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්රී අමීර් අලි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීන්දු කර තිබෙන අතර,ඔහුට තැනදීම සඳහා ඒ.එච්.එම්. අස්වර් මහතා අද ඉල්ලා අස්වී තිබේ.
නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ අමීර් අලි මහතා ඉකුත්දා තවත් මන්ත්රීන් දෙදෙනකු සමග ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමට පියවර ගත්තේය.