වර්තමාන යුගය ඇති කිරීමේ නියමුවාණන් වන සෝභිත නාහිමියන් අපවත් වීම රටට පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අයුක්තිය වෙනුවට යුක්තියද, අසාධාරණය වෙනුවට සාධාරණයද ඉෂ්ට කිරීම වෙනුවෙන් කැපවූ උන්වහන්සේ අමිහිවීමේ පාඩුව වචනවලින් පැවසිය නොහැකි බව කථානායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්රකාශ කරයි.