ඉන්දියාවේ 11 වැනි ජනාධිපති, අභාවප්‍රාප්ත අබ්දුල් කලාම් මහතාගේ ආදාහනය හෙට (30දා) රාමේෂ්වරම් හිදී සිදුකිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
අවසන් මොහොතේදී පවා සිය උපන් රට වෙනුවෙන් විය යුතු යුතුකම ඉටුකරමින් සිටි හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුහාවතිහි ෂිලෝන්ග් නගරයේ පිහිටි ඉන්දියානු කළමනාකරණ අධ්‍යයන ආයතනයේ දේශනයක් පවත්වමින් සිටියදී හදිසි හෘදයාබාධයක් නිසා කළුරිය කළේය.
ගුහාවතිහි සිට විශේෂ යුද හමුදා හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන් අභාවප්‍රාප්ත අබ්දුල් කලාම්ගේ දේහය නවදිල්ලිය වෙත අද රැගෙන ආ අතර, දේහය භාරගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෞරව දැක්වීය.
මේ අභාවය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්ද නිකුත් කළ මෝදි, මේ මොහොතේදී ඉන්දියාව තමන්ට සිටි මහා විද්‍යාඥයෙකු, විශිෂ්ට ජනාධිපතිවරයෙකු මෙන්ම ඊටත් එහා ගිය අතිවිශිෂ්ට චරිතයක වියෝව සිහිකරමින් සිටින බව පවසා සිටියේය.
මියයන විට 83 වැනි වියෙහි පසු වූ ඒ මහතා ඉන්දියාව තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 'මහජනතාවගේ ජනාධිපතිවරයා' ලෙසිනි. තමන් තුළ පැවැති විවිධ ගති ලක්ෂණ නිසා ලොවටම පරමාදර්ශී චරිතයක් වූ එතුමන් මිය යන තෙක්ම නිර්මාංශ ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.