හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතා ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් සිටියදී හදිසියේ රෝගාතුරව රෝහල්ගත කිරීමෙන් පසු අභාවප්‍රාප්ත විය.
83 වැනි වියෙහි පසුවූ කලාම් මහතා ඉන්දියාවේ කුඩාම ප්‍රාන්තයක් ලෙස සැලකෙන මේග්හාලයා හි අගනගරය වන ෂිල්ලොග් හි කළමනාකාරණ විද්‍යායතනයේ ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් සිටියදී අද (27දා) සවස 6.30 ට පමණ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ බව එරට මාධ්‍ය කලින් පවසා සිටියේය.
කෙසේ වෙතත්, පසුව ඔහු කළුරිය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.