අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ෙමතෙක් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර නැතැයි දෙමවුපියන් සහ නැවත ප්‍රතිඵල සමීක්ෂණයට අයදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සඳහන් කරති.
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ඉදිරි අධ්‍යාපන කටයුතුවලට එය බාධාවක් වී තිබෙන බවත්, මේ නිසා නැවත සමීක්ෂණ ප්‍රතිඵල කඩිනමින් ලබාදෙන ලෙසත් එම පිරිස් විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව %අද^ විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාගෙන් විමසීමක් කිරීමේ ඔහු කියා සිටියේ අදාළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ අයදුම්පත් එවා තිබෙන සියලුම දෙනාට ජූලි 30 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
පසුගිය වසරේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙන්නේ අගෝස්තු 27 වැනිදා බවත්, එහෙත් මෙවර ඊට පෙර ප්‍රතිඵල නිකුත් කරන බවත් ඔහු පවසා සිටියේය.
නැවත සමීක්ෂණ කටයුතු සඳහා මෙවර අයදුම්පත් එක්ලක්ෂ හත්දහසක් ලැබී තිබෙන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.