පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් 6134 ක් අතුරින් 4183දෙනෙකු මේ වනවිට තම වත්කම් බැරකම් ප්රකාශන මැතිවරණ ලේකම් කාර්යාලවලට බාරදී ඇතැයිට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය නිවේදනය කරයි. එය ප්රතිශතයක් ලෙස 68% ක් වේ.
ප්රධාන පක්ෂවල අපේක්ෂකයන්ගෙන් 85%ක්ම තම වත්කම් බැරකම් ප්රකාශ ලබාදී තිබීම කැපී පෙනේ. වසර 2010 දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණය හා සසඳන කල වත්කම් බැරකම් බාරදීම මෙවර කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.