තමාට අපේක්ෂකත්වය නොලැබුණු බවට පක්ෂ කාර්යාලයෙන් තවමත් දැනුම් දුන් නොමැති බවත් තම දේශපාලන කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන බවත්, ජනප්රිය නිළි ගයේෂා පෙරේරා පැවැසුවාය.
බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට සන්ධානයෙන් අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ගයේෂා පෙරේරා ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි නමුත් ඇයට අපෙක්ෂකත්වට නොළබුණු බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ‘අද’ කළ විමසුමකදී ගයේෂා ඉහත අදහස් ප්රකාශ කළාය.
තවදුරටත් අදහස් දකවමින් ඇය පැවැසුවේ අපේක්ෂකත්වය නොලැබුණද ඉදිරියටත් ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කටයුතු කරන බවයි.