දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගත් විසඳුමක් සමගින් නව ව්‍යවස්ථාව සැකසීම රජයේ අරමුණ වී ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
එමෙන්ම නව ව්‍යස්ථාව පාර්ලිමේන්තුව තුළ සකසන අතර, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද සහාය ඇතිව ජනමත විචාරයක් පවත්වන බවද කිරිඇල්ල මහතා අද(09දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රජයේ මතය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ සභානායකවරයා මේ බව කීය.
ව්‍යවස්ථාවේ එකදු වගන්තියක් හෝ මේවනතුරු සකස්කර නොමැති අතර, සියල්ල පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය ඉදිරියේ සිදුකරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ අවස්ථාවේ රජයේ අරමුණ අලුත් ව්‍යවස්ථාවක් හැදීම. දෙවැනි පියවර වශයෙන් ජනමත විචාරණයකට යනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඇතිව ජනමත විචාරණයකට යනවා. ඒක තමයි අදට ස්ථාවරය.
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නතර කරලා නැහැ. සමහර පක්ෂ ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් සමහර පක්ෂ තවම යෝජනා ඉදිරිපත් කර නැහැ. ඒවගේම නව ව්‍යවස්ථාවේ එකදු වගන්තියක් හෝ තවම සකස්කර නැහැ.
පක්ෂවල සියලුම යෝජනා ලැබුණු විට පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය ඉදිරියේ අපි ව්‍යවස්ථාවක් හදනවා. හැංගි හොරා අපි මොකුක් කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මුලින්ම කිව්වේ තර්ටීන් ප්ලස් දෙනවා කියලා. අපේ විසඳුම දහතුන්වැනි සංශෝධනය පදනම් කරගෙනයි ගෙනෙන්නේ.එතනින් එහාට කිසිවක් නැහැ යැයි පැවසීය.