ශ්‍රී ලංකාවට පැමිණි විශාලම බහාලුම් නැව
ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම බහළුම් නෞකාව අද පෙරවරුවේදි කොලඹවරයාට පැමිණීය. එය පිළිගැනීමට වරායා හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාද එහි ගියේය. Marco Polo නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ අද (25) උදෑසන 07.30ට කොළඹට පැමිණියේය.
මෙහදි අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව, ආසියා කලාපයේ බහළුම් මෙහෙයවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා කොළඹ වරායේ යටිතල පහසුකම් තවදුරටත් දියුණු කිරීමට අපේක්ෂා කරන බවයි.
මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම බහළුම් නෞකාව වූයේ Edith Maersk නෞකාවයි. එම නෞකාවේ ගබඩා කළ හැකි බහළුම් සංඛ්‍යාව 15550 කි. කෙසේවෙතත් අද පැමිණි Marco Polo නෞකාවේ එකවර බහළුම් 16 020ක් ගබඩා කළ හැකිය.
එංගලන්ත ධජය යටතේ යාත්‍රා කරන එම නෞකාව 2012 වසරේ ලොව විශාලතම නෞකාව වීමද විශේෂත්වයකි. මීටර් 396ක දිගින් යුත් Marco Polo නෞකාව පළමුවරට දියත් කළේ 2012 නොවැම්බර් 07 වැනිදායි. එහි උස ප්‍රමාණය මීටර් 29.9ක් වේ. Marco Polo නෞකාව අද රාත්රියේදී පිටත්ව යාමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

