"යහපාලන රජය විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කළා කීවට, කළේ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තූව විසුරුවා හැරීමේ බලය ඉවත් කිරීම පමණයි. එයට මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරු කළ විට මන්ත්‍රී ධුරය අහිමි විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාව සම්මත කිරීමට ප්‍රධාන පක්ෂ දෙකම පස්ස ගැහුවා.
එය සම්මත කළා නම් මන්ත්‍රීවරුන් බලයට පත්වන රජය විසින් මිලට ගැනීමේ ක්‍රමය අභාවයට යාම මෙන්ම මහජන මතය නොමැතිව තුනෙන් දෙකේ බලයක් ගොඩ නගාගැනීමට බලයේ සිටින පක්ෂයට නොහැකිව යනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මංගල මැතිවරණය රැලිය අමතමින් ඔහු ඊයේ (14දා) මහරගමදී මෙම අදහස් දැක්වීය.
"මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට තවදුරටත් අවශ්‍ය නොකරන චරිතයක් බව වැටහුණු අපි පසුගිය ජනාධිපතිවරණයේදී ඒ මහතා පරාජය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළා. යහපාලන නාම පුවරුව යටතේ ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමේ කාර්යයට සහ මෙරට ජනතාව යහපත් පාලනයකට යොමු කිරීමේ අරමුණින් අප එදා ඊට උර දී ක්‍රියාකර එය ඉටු කර දුන්නා. එතුමා ආරම්භයේ සිටම ජනතා පැතුම් ඉටු කරන ආකාරයට වැඩ නොකරන බව අපට පෙනීගියා" යැයිද ඔහු පැවසීය.
අමිල සංකල්ප